spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩුත් එක්ක මාට්ටු වූ පොහොට්ටු මන්ත්‍රී

හෙරෝයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු හා කාන්තාවන් දෙදෙනකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

සැකකාර මන්ත්‍රිවරයා ළඟ තිබි හෙරෝයින් මිලිගෑම් 2600ක ප්‍රමාණයක්ද හා අනෙක් සැකකාර කාන්තාවන් ළඟ තිබී හෙරෝයින් මිලිගෑම් 2500ක ප්‍රමාණයක් හමුවූ බව පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රිවරයා සොරකම් සහ වෙනත් සිද්ධීන් සදහා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත්ව ඇප ලබා සිටි අයකු බවත් ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියකට මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?