වතු වැටුප් වැඩි කිරීමට හාම්පුතුන් අකුල් හෙළනවා

‘සිලෝන් ටී’ නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බවත්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට සහ රජයට අපගේ ස්තූතිය පිරිනමනවා. නමුත් වතු හාම්පුතුන්ගේ සංගමය මීට අකුල් හෙළමින් සිටිනවා. ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතුයි. තමන් යටතේ වැඩ කරන සේවකයන්ට, ඒ වගේම සිලෝන් ටී නාමය රැක ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවන කම්කරු ජනතාවට වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට ගත් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක්. වතු සේවකයන්ගේ මෙම වැටුප් වැඩිකිරීම පිළිබඳ ගත් තීරණය හදිසියේ ගත් තීන්දුවක් නොවෙයි. වසරක් පුරා කම්කරු දෙපාර්තමේන්තුව, වෘත්තීය සමිති සහ අදාළ පාර්ශ්වයන් සමග සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි එම තීරණය ගනු ලැබුවේ.

හාම්පුතුන්ගේ සම්මේලනය වැටුප් නියම කිරීමේ කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට සහභාගි වීම දිගින් දිගටම මඟ හරිමින් සිටියා. රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අවස්ථාවේ දී ද හාම්පුතුන්ගේ සංගමය මුනිවත රකිමින් සිටියා. නමුත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සිය බලය යොදා ගනිමින් රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් සඳහා නීත්‍යානුකූලව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඩොලරයේ අගය වෙනස් වීමත් සමඟ ජනතාවට සහන නොදී වතු සමාගම් කකුලෙන් ඇදීම අසාධාරණයි.

රජයට වගේම වතු හාම්පුතුන්ගේ සංගමයටත් මේ පිළිබඳ වගකීමක් පැවරි තිබෙනවා. ඒ නිසා සමාගම්වලට ආණ්ඩුවේ තීරණවලට විරුද්ධව යන්න බැහැ. වතු සමාගම් පවසන්නේ අවසන් තීරණය සඳහා ඉහළ මට්ටමේ කමිටුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. නමුත් සම්පූර්ණ වතු සමාගම් 22 ම අයිති පුද්ගලයින් පස් දෙනෙකුටයි. ඔවුන් තේ වතු ක්ෂේත්‍රයේ පමණක් නොව සංචාරක ව්‍යාපාරය, කුඩා පරිමාණ නිෂ්පාදන, කෘෂිකර්මාන්තය සහ මැණික් වැනි ක්ෂේත්‍රවල ද නිරත වනවා. ඒ වගේම වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති එක්ව මෙම වැටුප් වැඩිවීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28