අද සිට නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ, අනුව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට වයස අවුරුදු 18ත් – 55ත් අතර ඕනෑම පුද්ගලයෙකුට දායකවීමේ හැකියාව පවතින බවයි එම මණ්ඩලය පැවසුවේ.

වයස අවුරුදු 18ක පුද්ගලයෙක් මාසිකව රුපියල් 27.00ක ගාස්තුවක් පමණක් ගෙවිය යුතුවන අතර, තමන්ගේ ආදායම මත පහසු රක්ෂණ සැලසුම් ක්‍රමයක් තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

මාසික, අර්ධ වාර්ෂිකව, වාර්ෂිකව හෝ එසේත් නැත්නම් එක්වර මුදල් ගෙවා හෝ රක්ෂණය ලබාගත හැකියි.

රක්ෂණය ලබා ගන්නා පුද්ගලයින්ගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසුව මාසිකව විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මාසිකව රුපියල් 27.00 බැගින් දායක මුදල් ගෙවීම වයස අවුරුදු 18 දී ආරම්භ කළහොත් ඔහුට වයස අවුරුදු 60 සිට 63 දක්වා මාසිකව රුපියල් 1000.00ක විශ්‍රාම දීමනාවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මාසිකව රුපියල් 270.00ක දායක මුදලක් ගෙවන්නෙකුට වයස 60 සිට 63 දක්වා කාලය තුළ රුපියල් 10,000ක මාසික දීමනාවක් හිමිවනවා.

එමෙන්ම වයස 64 සිට එම විශ්‍රාම වැටුප් දීමනාව වැඩිවෙන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?