අද සිට නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ, අනුව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට වයස අවුරුදු 18ත් – 55ත් අතර ඕනෑම පුද්ගලයෙකුට දායකවීමේ හැකියාව පවතින බවයි එම මණ්ඩලය පැවසුවේ.

වයස අවුරුදු 18ක පුද්ගලයෙක් මාසිකව රුපියල් 27.00ක ගාස්තුවක් පමණක් ගෙවිය යුතුවන අතර, තමන්ගේ ආදායම මත පහසු රක්ෂණ සැලසුම් ක්‍රමයක් තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

මාසික, අර්ධ වාර්ෂිකව, වාර්ෂිකව හෝ එසේත් නැත්නම් එක්වර මුදල් ගෙවා හෝ රක්ෂණය ලබාගත හැකියි.

රක්ෂණය ලබා ගන්නා පුද්ගලයින්ගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසුව මාසිකව විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මාසිකව රුපියල් 27.00 බැගින් දායක මුදල් ගෙවීම වයස අවුරුදු 18 දී ආරම්භ කළහොත් ඔහුට වයස අවුරුදු 60 සිට 63 දක්වා මාසිකව රුපියල් 1000.00ක විශ්‍රාම දීමනාවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මාසිකව රුපියල් 270.00ක දායක මුදලක් ගෙවන්නෙකුට වයස 60 සිට 63 දක්වා කාලය තුළ රුපියල් 10,000ක මාසික දීමනාවක් හිමිවනවා.

එමෙන්ම වයස 64 සිට එම විශ්‍රාම වැටුප් දීමනාව වැඩිවෙන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31