පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සොයන විමර්ශනයේ ප්‍රතිඵල අද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශනය අද (31) දිනයේ දී අවසන් කිරීමේ හැකියාව පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුව නියෝජන කරන මන්ත්‍රීවරුන්ගේ උපන්දින සහ ජාතික හැඳුනුම්පත් අංක ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය දා ඉල්ලීමක් කර තිබෙනවා.

එම තොරතුරු ලැබීමෙන් පසු අදාළ විමර්ශනයන් ආරම්භ කළ ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙහි අවසන් තීරණය අද (31) දිනයේ දී ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ දක්වා සිදුකළ විමර්ශනවල දී කිසිඳු මන්ත්‍රීවරයෙක් ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු බවට හඳුනාගෙන නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?