පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සොයන විමර්ශනයේ ප්‍රතිඵල අද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශනය අද (31) දිනයේ දී අවසන් කිරීමේ හැකියාව පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුව නියෝජන කරන මන්ත්‍රීවරුන්ගේ උපන්දින සහ ජාතික හැඳුනුම්පත් අංක ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය දා ඉල්ලීමක් කර තිබෙනවා.

එම තොරතුරු ලැබීමෙන් පසු අදාළ විමර්ශනයන් ආරම්භ කළ ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙහි අවසන් තීරණය අද (31) දිනයේ දී ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ දක්වා සිදුකළ විමර්ශනවල දී කිසිඳු මන්ත්‍රීවරයෙක් ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු බවට හඳුනාගෙන නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13