පොලිසියෙන් ඇල්ලූ සුපිරි ජීප් රිය ගැන මුතුහෙට්ටිගමගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්

පොලිස් භාරයට ගත් තීරු බදු රහිතව මෙරටට ආනයනය කළ බව කියන සුඛෝපබෝගී ජීප් රථය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය පැවසුවා.

අදාළ ජීප් රථය නිශාන්ත මුතුහෙට්ටිගම වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේතීරු බදු රහිතව ගෙන්වා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ගාල්ල – කරාපිටිය ප්‍රදේශයේ දී ඊයේ (30) පොලිසිය විසින් අදාළ ජීප් රථය පරික්ෂාවට ලක් කෙරුණේ එම රථය යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මතයි.

එම පරීක්ෂා කිරීම් වලදී මත්ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති අතර, වැඩිදුරටත් සිදුකරන ලද පරික්ෂා කිරීම්වලදී එය නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද එකක් බවයි හෙළිව ඇත්තේ.

එම අවස්ථාවේ දී රථය පදවාගෙන ගිය 36 හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා ගාල්ල පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?