පොලිසියෙන් ඇල්ලූ සුපිරි ජීප් රිය ගැන මුතුහෙට්ටිගමගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්

පොලිස් භාරයට ගත් තීරු බදු රහිතව මෙරටට ආනයනය කළ බව කියන සුඛෝපබෝගී ජීප් රථය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය පැවසුවා.

අදාළ ජීප් රථය නිශාන්ත මුතුහෙට්ටිගම වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේතීරු බදු රහිතව ගෙන්වා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ගාල්ල – කරාපිටිය ප්‍රදේශයේ දී ඊයේ (30) පොලිසිය විසින් අදාළ ජීප් රථය පරික්ෂාවට ලක් කෙරුණේ එම රථය යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මතයි.

එම පරීක්ෂා කිරීම් වලදී මත්ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති අතර, වැඩිදුරටත් සිදුකරන ලද පරික්ෂා කිරීම්වලදී එය නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද එකක් බවයි හෙළිව ඇත්තේ.

එම අවස්ථාවේ දී රථය පදවාගෙන ගිය 36 හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා ගාල්ල පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57