ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් එම පක්ෂයෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මේ වනවිට ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරණ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එහි මූලිකත්වය ගෙන සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් සමඟ දැනට තනතුරු නොමැති පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සම්බන්ධ වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරි මැතිවරණයක දී වෙනම කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවීමේ අරමුණෙන් මෙම පිරිස සංවිධානය වීමේ සූදානමක සිටින බව සඳහන්.
මේ වනවිට පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම වෙනම කණ්ඩායම් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනු ලබනවා.




