පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා. යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මෙම පාන් ගෙඩිය මිලට ගෙන තිබේ.
පාන්ගොඩියක් මිලට ගෙන නිවසට ගොස් දරුවන්ට ආහාර ගැනීම සඳහා ලබාදී ඇති අතර එහිදී දරුවන් පාන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි තුල තිබී යකඩ ඇණයක් මතු වී දෙමාපියන්ට දැනුම් දී ඇති අතර අනතුරුව දෙමාපියන් විසින් පාන්ගෙඩිය තවදුරටත් පරික්ෂා කිරීමේදී එහි තුල තිබී යකඩ ඇණ 03 ක් තිබී හමුවීමෙන් පසුව පාරිභෝගික මහතා විසින් අදාල වෙළඳසැලටද දැනුම්දී පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයටද පැමිණිළි කිරීමට පියවර ගනු ලැබීය.
යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් අදාල වෙළඳසැලට පාන් ලබාදෙන බේකරි නිෂ්පාදකයාටද දැනුම් දී මේ වන විට පරික්ෂණයක් අරඹා තිබේ














