හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (26) යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය ලබා දුන්නා. එමෙන්ම කොළඹ මහෙස්ත්රාත් අධිකරණය මගින් සැකකාර කබ්රාල්ට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.













