මිද්දෙණිය, දඹේතලාව මාර්ගයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මාර්ගය හරහා වැටී තිබූ විදුලි රැහැනක පැටලී යතුරුපැදිකරු විදුලිසැර වැදීමෙන් මියගිය පුවතක් මිද්දෙණියෙන් වාර්තා විය. (24) අලුයම 5.30 ට පමණ මෙම අනතුරට ඔහු මුහුණපා ඇති අතර පෙර දින (23) රාත්රියේ තල් අත්තක් කඩා වැටීමෙන් එම විදුලි රැහැන මාර්ගයට ඇද වැටී ඇති බව පැවසෙයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දිනේෂ් සාරංග නම් 31 හැවිරිදි දෙදරු පියෙකි.
රැකියාව සඳහා සිය බිරිඳව ඇරලවීමට යතුරුපැදියෙන් යමින් සිටින අතරතුරදී ඔහු මෙම අනතුරට ලක්වී තිබේ.
එහිදී බිරිඳට ද විදුලිසැර වැදී ඇති අතර ඇය මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවෙයි.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම විදුලි රැහැන ඉවත්කර තිබෙන්නේ ද ප්රදේශවාසීන් විසින් බවයි













