උපකාරක පංතියට ගිය සිසුවියගේ මාලය කැඩූ යුදහමුදා සෙබලාට ප්‍රදේශ වාසීන් හොදින් සලකලා

යාපනය පලාලි පොලිස් වසමේ වල්ලුවාර් පුරම් ප්‍රදේශයේ පාසල් සිසුවියකගේ මාලයක් කඩා පලා ගිය දමිළ යුදහමුදා සෙබලෙකු ඊයේ (23) දින ප්‍රදේශවාසීණ් විසින් අල්ලා දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

15 හැවිරිදි අදාල පාසල් සිසුවිය උපකාරක පංතියක් සඳහා ගොස් ආපසු නිවසට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි සැකකාර යුදහමුදා සෙබලා අදාල දැරිය බියවද්දා අසල කැලෑවට බලහත්කාරයෙන් රැගෙනගොස් පැළඳසිටි මාලය කොල්ලකා පලා ගොස් තිබුණි.

අනතුරුව පාසල් දැරියගේ කෑගැසීමෙන් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් කොල්ලකරු පසුපස ලුහුබැඳ ගොස් අල්ලාගැනීමට හැකිව තිබෙන අතර පසුව ප්‍රදේශවාසීණ් විසින් කොල්ලකරුට පහරදී බැඳ පලාලි පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය.

ප්‍රදේශවාසීන් භාරදෙනු ලැබූ සැකකරු පිළිබව පරික්ෂණ සිදුකිරීමේදී අනාවරනය වී ඇත්තේ අදාල සැකකරු යුදහමුදාවට මෑතකාලයේදී එක් වූ දමිළ පුද්ගලයෙකු බවටත් ඔහුද පලාලි ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවටය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කොල්ලකන ලද මාලයද හමුවී ඇති අතර සැකකාර යුදහමුදා සෙබලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46