ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට විවිධ අසාත්මිකතා හා රෝගී තත්වයන්

මහනුවර, සුදුහුම්පොළ ප්‍රථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගත් රෝගීන් කිහිප දෙනකු හට විවිධ අසාත්මිකතා හා රෝගී තත්වයන් ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට පැමිණ පැමිණිලි කොට තිබේ.

රෝගීන් කිහිප දෙනෙක් පසුගියදා මෙම ප්‍රථමික වෛද්‍ය සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගත් අවස්ථාවේ ලබාදුන් බෙහෙත් පෙති භාවිතා කිරීමෙන් අනතුරුව එම රෝගීන් හට වමනය යාම, කලන්තය, කැරකිල්ල, වෙව්ලිල්ල හා හිසේ කැක්කුම ඇතිවූ බව එම රෝගීහූ පවසති.

එම අසාත්මිකතාවයණට ගොදුරු වූ රෝගීන් 22 දින එම ස්ථානයට පැමිණ සඳහන් කළේ මෙම ප්‍රතිකාර මධ්යස්ථානයෙන් තමන්ට ලබාදී ඇත්තේ කල් ඉකුත් වූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් පෙති බවය. ලබා දුන් බෙහෙත් පෙති ඇල්ලූ සැනින් කුඩු වී යන බවද ඇතැම් බෙහෙත් පෙති වලින් යම් දුගඳක් හමන බවටද ඔවුහු චෝදනා කලහ .

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රතිකාර මධ්යස්ථානයේ ඖෂධ සංයෝජක නිලධාරිනිය සඳහන් කළේ මෙම ස්ථානයේ ඖෂධ ගබඩා කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැති බවත් මෙම ප්‍රතිකාර මධ්යස්ථානයේ බොහෝ ස්ථාන වර්ෂාවට ඉතාමත් තදබල ආකාරයෙන් තෙමීමට ලක්වන බවත් මේ හේතුවෙන් ඇතැම්විට බෙහෙත් පෙතිවල ප්රමිතියේහි ගැටළුවක් ඇති වූවාදැයි යන්න කීමට නොහැකි බවත් බවත්ය. තමා කල් ඉකුත් වූ ඖෂධ ලබාදෙන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද ඇය වැඩිදුරටත් කීවාය.

මධ්යම පළාත් සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මෙම ප්රතිකාර ඒකකය භාරව සිටින වෛදවරිය කියා සිටියේ අදාල රෝගීන් හට එම ඖෂධ පෙති නැවත ගෙනවිත් භාර දෙන ලෙස සඳහන් කළ බවය. මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ දැනුවත් කළ බවද ඇය කීවාය.

https://youtu.be/PvdeD6Qc5-Y
  1. පලමුව දැන් විය යුත්තේ මෙම ගොඩනැගිල්ලෙ තෙමෙන ස්තානය අලුත් වැඩියා කර මෙම වටිනා බෙහෙත් පිලිවෙලකට ගබඩා කීරීමයි… එමගින් මෙම ප්‍රශ්ණයට විසදුමක් ලැබේ.. වගකිවයුත්තන්ගෙ ඇස් දැන් වත් ඇරිලා මේ තෙමෙන ගොඩනැගිල්ල පිලිසකර කර බෙහෙත් ගන්න එන මෙම ජීවිත තවත් ලෙඩ නොකර තමන්ගෙ රාජකාරිය ඉටු කරන ලෙස කරැණාවෙන් ඉල්ලා සිටිමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46