ලක්ෂ 12කගේ රැකියා අහිමි වෙලා

ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි ඉකුත්දා පැවැති පැවති සාකච්ඡාවකදීයි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේදී ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධව ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ .

මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම් ආදිය පමණක් නොව,එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට ද සිය ජීවිකාව අහිමි වී ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස පෙන්වා දී ඇත.

මේ අතර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම,ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද ඒ අතර සිටින බව ඇමතිවරයා පෙන්වා දී ඇත. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ් යුතු බවපෙන්වා දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46