Empty Ad
Empty Ad
AFC Banner

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබේ

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබිම අද (10/20) දින සිදු කරනු ලැබීය. ඒ පාර්ලිමේන්තුවේ කමිටු අංක 7 දීය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව, පසුගිය 12 වෙනිදා නිදහස ජනතා සභාව විසින් විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සංවිධානය කල සමුළුවේදි පක්ෂ නායකයින් විසින් ගත් ඒකමතික තීන්දුවකට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම අද සිදුවිය.

මේ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන,උත්තර සභාව ඇතුලු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයින් සහ නියෝජිතයින් සහභාගි වූහ.

මැතිවරණ ප්‍රතිසංස්කරණ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කළහොත් එයට තනි පක්ෂ වශයෙන් හා ඒකාබද්ධව දැඩි ලෙස එරෙහි වීමට ඒකමතික තීන්දුවක් ගත් අතර එම තීන්දුව ප්‍රකාරව එහි ප්‍රමුඛ පියවරක් ලෙස ප්‍රකාශයට අත්සන් තැබිම සිදුවිය.
අදාළ ප්‍රකාශයට අත්සන් තැබීමට ජනතා විමුක්ති පෙරමුණද සිය පූර්ණ එකඟතාවය දැනුම් දී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වලට එරෙහිව, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ වෘත්තිකයන් ඇතුළු පිරිස් වෙන් වෙන් වශයෙන් දැනුවත් කිරීමටත්,ජනතාව දැනුවත් කිරීමටත් ඉන් ඔබ්බට මේ අන්තනෝමතික ක්‍රියාවලිය පිලිබදව ජාත්‍යන්තරය දැනුවත් කිරීමටත් නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?