හිතවතෙකුගේ නිවසේ පැවති සාදයකට පැමිණ නැවත නිවසට යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදීමකින් බරපතළ තුවාල ලැබූ වයස 42 පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි .
දරුවකු වැඩිවියට පත්වීම නිමිත්තෙන් වැලිගම බණ්ඩාරනායක මාවතේ නිවසක (20 ) දින රාත්‍රි සාදයක් පැවති අතර එ සදහා පැමිණ සිටි පුද්ගලයකු නැවත රාත්‍රි නිවසට යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී ඇතැයි සඳහන් එහිදී බරපතළ තුවාල ලැබූ අය මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද උදැසන 5:20 පමණ මියගොස් තිබේ
මෙසේ මියගොස් ඇත්තේ වැලිගම එරල් ජයවික්‍රම මාවතේ පදිංචිව සිටි වයස 42 පමණ වන ජානක ඉන්ද්‍රජිත් ගුරුසිංහ දෙදරු පියකු බව පොලිසිය සදහන් කරයි .
මෙම පහරදීමට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇති බව සදහන් සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ස්ථානාධිපති ඩි එම් අබෙිසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති