මරික්කාර් නඩුව දිනයි අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න බෑ

පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අධිකාරි පනත නමින් ගෙන ආ පනතට විරුද්ධව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

එම නඩුව මගින් ඔහු පෙන්වා දුන්නේ මෙම පනත ගෙන ඒම තුළින් රටේ ජීවත්වෙන සාමාන්‍ය ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවයි.

අරගලයට සහභාගී වූවන් පුනරුත්ථාපනය කිරීම මෙහි මූලික අරමුණ බවත් ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීම සඳහා මෙම පනත යොදා ගන්නා බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබූ නඩුවේ තීන්දුව අද පාර්ලිමේන්තුව වෙත ලබාදී තිබුණා.

ඒ අනුව එම තීන්දුව කතානායක විසින් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.

එම තීන්දුවේ සදහන් වී තිබෙන්නේ මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගැනීමට නොහැකි බවත් මෙම පනත සම්මත කර ගන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් හිමි විය යුතු බවත්ය.

තවද මෙම පනතේ සමහර වගන්ති තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් යන කරුණු දෙකින්ම අනුමත කරගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙන්නේ.

https://youtu.be/V0stc22TzB0
  1. MALLI APITA JATHI AGAM PRANSHNA NAHE. SINHALAYA GE JATHIWADAYA UDATA ENNE DEMALA MUSLIM AYA EYALAGE JATHIWADHAYA AWUSSALA NOYEK WINASA KAL=RANAKOTA WITHARAYI. EKA ITHIHASAYA DIHA BALUWAMA PERANA. SINHALU KAWADAWATH ISSARA WELA PALAMU PAHARA DEELA NAHE. OYA SUPIRI WADDEK KIYALA API DANNE SIRASA INNA KALAYE INDHALA THAMAYI. OYAGETH OYA BALU JATHIWADHAYA NAHE. DUNNOTH DENNE PATTA WEDAK, MENNA SALUTE. JAYAWEWA.



අපගේ නවතම වීඩියෝ පුවත්