කෝප් කමිටුව ගල්අඟුරු ටෙන්ඩරයෙන් වැඩ අල්ලයි

පසුගිය දා ආන්දෝලනයට තුඩුදුන් ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන් කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කෝප් කමිටුව දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් ද කමිටු සාමාජිකයින්ගේ අවධානයට ලක් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සභාපති ධුරයට පත්වීමෙන් පසුව එම කමිටුව පළමුවරට ඊයේ (07) රැස්වුණා.