Road Saftey World Series T20 ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීනයන් ඉවත් වෙයි

ප්‍රවීන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන Road Saftey World Series 20 යි 20 තරගාවලියේ පසුගිය වර තරගාවලියට එක් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබෙනවා. මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට එක් නොවන බවයි වාර්තා වන්නේ. පෞද්ගලික හේතූන් මත ඔවුන් මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් මෙවර Road Saftey World Series 20 යි 20 තරගාවලිය සදහා නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රසල් ආර්නල්ඩ් සහ චින්තක ජයසිංහ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වීමට නියමිතව තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තරගාවලිය ඉකුත් මාර්තු මාසයේදී කල් දැමුණු අතර මෙම තරගාවලිය නැවත වරක් පැවැත්වීමටයි සංවිධායකයින් මේවනවිට සැලසුම් කර ඇත්තේ. ඒ අනුව මෙවර තරගාවලිය සදහා ගියවර සහභාගී නොවූ ක්‍රීඩකයන් ද ක්‍රීීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන Road Saftey World Series 20 යි 20 තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි තරග ලබන මාර්තු 02 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි. 

ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?