Road Saftey World Series T20 ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීනයන් ඉවත් වෙයි

ප්‍රවීන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන Road Saftey World Series 20 යි 20 තරගාවලියේ පසුගිය වර තරගාවලියට එක් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබෙනවා. මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට එක් නොවන බවයි වාර්තා වන්නේ. පෞද්ගලික හේතූන් මත ඔවුන් මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් මෙවර Road Saftey World Series 20 යි 20 තරගාවලිය සදහා නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රසල් ආර්නල්ඩ් සහ චින්තක ජයසිංහ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වීමට නියමිතව තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තරගාවලිය ඉකුත් මාර්තු මාසයේදී කල් දැමුණු අතර මෙම තරගාවලිය නැවත වරක් පැවැත්වීමටයි සංවිධායකයින් මේවනවිට සැලසුම් කර ඇත්තේ. ඒ අනුව මෙවර තරගාවලිය සදහා ගියවර සහභාගී නොවූ ක්‍රීඩකයන් ද ක්‍රීීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන Road Saftey World Series 20 යි 20 තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි තරග ලබන මාර්තු 02 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි. 

ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09