අනියම් පෙමට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ දෙදරු මව ජීවිතයෙන් වන්දි ගෙවූ අත්තනගල්ලේ ඛේදවාචකය

තිස් හත් හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර සැඟව සිටි ඝාතකයෙකු අද (22) අලුයම අත්තනගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් වෙනුවෙන් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදාල කාන්තාව මෙලෙස ඝාතනය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අලවල, හෑපනාකන්ද ප්‍රදේශයේ පදිංචි අදාල කාන්තාව වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක ඇගළුම් සේවිකාවක් වශයෙන් සේවයේ නියුතුව සිට ඇති අතර, ඊයේ (21) පස්වරුවේ හෑපනාකන්ද ප්‍රදේශයේ දී මඟ රැක සිටි පුද්ගලයෙක් ඇයට පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකර පළාගොස් තිබුණා.

පිහි ප්‍රහාරයෙන් බරපතල තත්ත්වයේ පසු වූ අදාල දෙදරු මව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (21) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර පුද්ගලයා අවස්ථා කිහිපයක දී අදාල කාන්තාවට අනියම් සම්බන්ධයක් ඇතිකර ගැනීමට යෝජනා කර ඇති බවට අනාවරණය වී ඇති අතර, එම යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු හෑපනාකන්ද ප්‍රදේශයේ පයිනස් වත්තක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට යොදාගත් බව කියන පිහියක් ද සඟවා තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අලවල, හෑපනාකන්ද ප්‍රදේශයේ ම පදිංචි 47 හැවිරිදි අවිවාහකයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12