spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනියම් පෙමට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ දෙදරු මව ජීවිතයෙන් වන්දි ගෙවූ අත්තනගල්ලේ ඛේදවාචකය

තිස් හත් හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර සැඟව සිටි ඝාතකයෙකු අද (22) අලුයම අත්තනගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් වෙනුවෙන් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදාල කාන්තාව මෙලෙස ඝාතනය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අලවල, හෑපනාකන්ද ප්‍රදේශයේ පදිංචි අදාල කාන්තාව වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක ඇගළුම් සේවිකාවක් වශයෙන් සේවයේ නියුතුව සිට ඇති අතර, ඊයේ (21) පස්වරුවේ හෑපනාකන්ද ප්‍රදේශයේ දී මඟ රැක සිටි පුද්ගලයෙක් ඇයට පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකර පළාගොස් තිබුණා.

පිහි ප්‍රහාරයෙන් බරපතල තත්ත්වයේ පසු වූ අදාල දෙදරු මව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (21) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර පුද්ගලයා අවස්ථා කිහිපයක දී අදාල කාන්තාවට අනියම් සම්බන්ධයක් ඇතිකර ගැනීමට යෝජනා කර ඇති බවට අනාවරණය වී ඇති අතර, එම යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු හෑපනාකන්ද ප්‍රදේශයේ පයිනස් වත්තක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට යොදාගත් බව කියන පිහියක් ද සඟවා තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අලවල, හෑපනාකන්ද ප්‍රදේශයේ ම පදිංචි 47 හැවිරිදි අවිවාහකයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?