AFC Banner
Empty Ad
Empty Ad

ෆිට්නස් ටෙස්ට් එකෙන් ෆේල් වුණ අපේ තරු

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ඊයේ දිනයේ පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 31 දෙනාගෙන් 04 දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වීඇත.

එලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ දිල්රුවන් පෙරේරායි.

අදාළ ක්‍රීඩකයින් සිව්දෙනාට ඉදිරි දිනකදී නැවත වරක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැති අතර එහිදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් ලබා දී තිබිණ.

එම පරිසාධන මට්ටම ඉහළින්ම පසු කර ඇත්තේ දුෂ්මන්ත චමීරය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?