95කගේ හදිසි කොවිඩ් පරීක්ෂණ – 14ක්ම රෝගීන් බව හෙළිවේ

බේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ  උප කාර්යාල පරිශ්‍රයේ පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පාදාගොඩ ප්‍රදේශයේ අවට ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමග මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !