AFC Banner
AFC Banner
Empty Ad

තෙල් ගැන සාකච්ඡාවලට සුසිල් රුසියාවට – අධ්‍යාපනයේ වැඩ බලන්න බන්දුල

ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රුසියාවට යාමට නියමිත බව වාර්තා වනවා.

ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙරට නියෝජිතයින් දෙදෙනෙක් ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි.

මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ රුසියානු සංචාරය හේතුවෙන් වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට හිමිව තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ සිය නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?