තෙල් ගැන සාකච්ඡාවලට සුසිල් රුසියාවට – අධ්‍යාපනයේ වැඩ බලන්න බන්දුල

ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රුසියාවට යාමට නියමිත බව වාර්තා වනවා.

ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙරට නියෝජිතයින් දෙදෙනෙක් ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි.

මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ රුසියානු සංචාරය හේතුවෙන් වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට හිමිව තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ සිය නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15