8 වන දා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛය මෙන්න

නොවැම්බර් 08 වන දා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නිකුත් කළ එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 08 වන දා ආරම්භ වන බව යි.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බවයි. 

කෙසේ වෙතත්, ගැබිණි හෝ වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අවශ්‍ය නොවන අතර, රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවිය හැක්කේ, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණකි. 

පාසල් ආරම්භ කරන මුල් කාලය තුළ සිසු සිසුවියන් සඳහා පාසල් නිල ඇඳුම් අනිවාර්ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 

ඒ අනුව, සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්නැයි ද, අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?