8 වන දා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛය මෙන්න

නොවැම්බර් 08 වන දා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නිකුත් කළ එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 08 වන දා ආරම්භ වන බව යි.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බවයි. 

කෙසේ වෙතත්, ගැබිණි හෝ වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අවශ්‍ය නොවන අතර, රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවිය හැක්කේ, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණකි. 

පාසල් ආරම්භ කරන මුල් කාලය තුළ සිසු සිසුවියන් සඳහා පාසල් නිල ඇඳුම් අනිවාර්ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 

ඒ අනුව, සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්නැයි ද, අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40