75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරුණා.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද, සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අළෙවි කෙරෙනවා.

මේ හා සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින් මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය මිලදී ගැනීමට හැකියි.

75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් වෙනවා.

රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙයයි.

“75” අංකය විශාල ඉලක්කමකින් සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වෙනවා. කාසිය ඉහළ දාරයේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “නිදහස් සැමරුම” ලෙස සටහන් කර තිබෙනවා. “1948 – 2023” වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ සඳහන්. මුහුණත වටිනාකම “1000” විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ සටහන් කර තිබෙනවා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” යන වචන මුහුණත වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇත්තේ මුහුණත අගයට ඉහළිනුයි. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකා” යන වචන කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?