75 වන නිදහස් දිනය දා 50%ක වට්ටමක්

එළඹෙන පෙබරවාරි 04 වනදාට යෙදී ඇති 75 වන ජාතික නිදහස් දිනයේ දී ජනතාවට උද්‍යාන, උද්භිද උද්‍යාන, විනෝද ස්ථාන නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එදිනට රටපුරා පිහිටි සිනමාශාලාවල ප්‍රවේශපත් ගාස්තු සියයට 50කින් අඩුකිරීමට ද කටයුතු කරන බවයි වැඩබලන කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර පැවසුවේ.

ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?