AFC Banner
Empty Ad
Empty Ad

ජීවිත ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි රෙස්ලින් තරු

WWE රෙස්ලින් වඩාත් ජනප්‍රියම ක්‍රීඩා මාදිලියක් බවට කිසිදු සැකයක් නැහැ. ලොවපුරා රසිකයන් මිලියන ගණනක් සිටින මෙම WWE රෙස්ලින් සදහා ඉතිහාසය පුරාවට රෙස්ලින් තරු දහස් ගණනක් එක් වෙලා තිබෙනවා. කාලයත් සමග ඒ අතරින් බොහෝ දෙනෙක් මිය ගියත් සමහර රෙස්ලින් තරු මිය ගියේ ඉතාමත් අඩු වයසින් හරිම අවාසනාවන්ත විදිහට. රෙස්ලින් ඉතිහාසය පුරාවට බොහෝ රෙස්ලින් තරු මිය ගොස් තිබෙන්නේ හෘදයාබාධ වලට ලක් වීමෙන්. මෙලෙස හෘදයාබාධ වලට ලක්වීමට ඔවුන් දරාගැනීමේ ශක්තිය වැඩිකර ගැනීම සදහා භාවිතා කරන විවිධ ඖෂධ හේතුවන බවයි වාර්තා වල සදහන් වන්නේ. මෙම ලිපිය තුලින් දිගහැරෙන්නේ මෑත ඉතිහාසයේදී මිය ගිය ඉතා ප්‍රසිද්ධ මෙන්ම දක්ෂ රෙස්ලින් තරු පිලිබද විස්තරයක්.

එඩී ගුරේරෝ (Eddie Guerrero)

එඩී ගුරේරෝ WWE (World Wrestling Entertainment) රෙස්ලින් පිටියේ සිටි අති දක්ෂ තරුවක් බවට කිසිදු විවාදයක් නැහැ. 1986 වර්ෂයේදී මුලින්ම රෙස්ලින් ක්‍රීඩාවට අවතීර්ණ වන ඔහු 1995දී ECW (Extreme Championship Wrestling) සමගත් 2000 වර්ෂයේදී WWF (World Wrestling Federation) සමගත් එක්වුනා. වසර ගණනාවක් විවිධ රටවල රෙස්ලින් තරු සමග ක්‍රීඩා කර අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වුනු එඩීට WWE සමග කටියුතු කරන්න ලැබෙන්නේ වසර තුනක තරම් කෙටි කාලයත්. රෙස්ලින් ක්‍රීඩාවේ ඇති අදික මහන්සිය හා තෙහෙට්ටුව නිසා ඔහු මත්ද්‍රව්‍ය හා වේදනා නාශක වලට තදින් ඇබ්බැහි වී සිටි බව වාර්තා වනවා.
ක්‍රිස් බෙනොයිට් (Chris Benoit) හා රෙයි මිස්ටීරියෝ (Rey Mysterio) සමග එඩීගේ හොද යාලු කමක් තිබුනා. ඔහුගේ ඥාති සොහොයුරකු වන චාවෝත් රෙස්ලින් වලල්ලේ දක්ෂ ක්‍රීඩකයෙක්. කොහොම උනත් එඩී 2005 මිය යන විට ඔහුට වයස අවුරුදු 38යි. ඔහු නතර වී සිටි හෝටල් කාමරයේ නාන කාමරයේ ඔහු හෘදයාබාධයක් සෑදී මිය ගොස් සිට තිබුනා. එඩීගේ බිරිද තමයි පසු කාලයකදී රෙස්ලින් වලට සම්බන්ධ වුනු විකී ගුරේරෝ (Vickie Guerrero). මේ යුවලට දරුවන් තිදෙනෙක් සිටියා. ඒ අතරන් ඔවුන්ගේ දියණිය වන ෂෝල් ගුරේරෝ පසු කාලයක රැකල් ඩයස් නමින් රෙස්ලින් වලල්ට සම්බන්ධ වුනා.

Eddie Guerrero | WWE
Eddie Guerrero

ක්‍රිස් බෙනොයිට් (Chris Benoit)

90 දශකයේ සිටි අති දක්ෂ රෙස්ලින් තරුවක් වන ක්‍රිස් WWE ලෝක හෙවිවෙයිට් ශූරතාව, United States Championship එක, Intercontinental Championship එක, 2004 Royal Rumble තරගයේ ජයග්‍රහණය ඇතුලු ජයග්‍රහණ රැසක් ලබාගත් රෙස්ලින් තරුවක්. 1985 වර්ෂයේ සිට රෙස්ලින් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා සිටි ක්‍රිස් බෙනොයිට් WWF සමග සම්බන්ධ වුනේ 2000 වසරේදී. WWF නැත්නම් වර්තමාන WWE පිටියේ ඔහුට සිටි හොදම මිතුරා තමයි එඩී ගුවේරෝ. එඩීගේ මරණය ක්‍රිස්ට විශාල කම්පනයක් ගෙනදුන් බව වාර්තා වනවා. ඒ වගෙම රෙස්ලින් වලල්ලේ ජනප්‍රිය පහරක් වන යකඩ පුටුවලින් හිසට පහර දීම නිසා ඔහුට යම් මොලයේ අභාදයක් ඇතිවි තිබූ බවද වාර්තා වනවා.

2007 වසරේ ජූනි මස 24 වන දා ක්‍රිස් බෙනොයිට් අවාසනාවන්ත ලෙස ඔහුගේ බිරිද හා දරුවාව වෙඩි තබා ඝාතනය කරනවා. ඉන්පසු ඔහු ගෙල වැල ලාගෙන සිය දිවි නසා ගත්තා. මේ අවසනාවන්ත සිදුවීමට හේතුව කුමක්ද කියන එක අදටත් ප්‍රශ්නයක්. නමුත් ක්‍රිස්ගේ පියා සදහන් කරන්නේ ඔහුට තිබු මානසික ආබාධය නිසා මෙම සිදුවීම සිදුවන්නට ඇති කියල. ඔහුගේ මරණයෙන් පසු WWE බලධාරින් හිසට යකඩ පුටුවලින් පහර දෙන අවස්තා රෙස්ලින් තරග තුල හැකි තරම් සීමා කරන්න කටියුතු කලා කියලත් වාර්තා වනවා.

What Happened to Chris Benoit - Dark Side of the Ring Investigates the  Motive Behind His Murder-Suicide
Chris Benoit

චයිනා (Chyna)

රෙස්ලින් වලල්ලේ සිටි විශිෂ්ටතම කාන්තා රෙස්ලින් ශූරිය ලෙසයි චයිනා සැලකෙන්නේ. 1967 වසරේ ඇමරිකා එකසත් ජනපදයේ නිව් යෝර්ක් වල ජෝන් මාරී ලූරර් නමින් උපත ලැබූ ඇය රෙස්ලින් වලට සම්බන්ධ වන්නේ 1995 වර්ෂයේදී. ඇය WWE සමග එක්වුනේ 1996 වර්ෂයේදී. ඒ Triple H හා Shawn Michael එක්ව ක්‍රීඩාකල D Generation X කණ්ඩායම හරහා. චයිනා කාන්තාවක් වුනත් ඇයට තිබූ ශක්තිමත් මෙන්ම විශාල ශරීරය නිසා පිරිමි රෙස්ලින් තරු සමග අවස්තා ගණනාවකදී තරග වලට සහභාගී වුනා. ඇය පිරිමි Royal Rumble තරගයකට සහභාගී වූ පලමු කාන්තාව වගේම ලෝක ශූරතා හෙවිවෙයිට් ශූරතාවයට තරග කල පලමු කාන්තාවද වනවා. ඇය මාක් හෙන්රි හා එඩී ගුරේරෝගේ පෙම්වතිය ලෙසත් රෙස්ලින් පිටියේ කටියුතු කල අතර කලක් සැබෑවටම Triple Hගේ පෙම්වතිය වෙලා හිටිය කියලත් සදහන් වනවා.

කොහොම උනත් 2011 වර්ෂයේදී චයිනා රෙස්ලින් පිටියට සමුදුන්නා. ඉන්පසුව ඇය කලක් නිල් චිත්‍රපට නිලියක් ලෙසත් කටයුතු කර තිබුනා. නමුත් 2016 වර්ෂයේ අප්‍රේල් 17 වන දින ඇය මත්ද්‍රව්‍ය විෂ වීමකින් අවාසනාවන්ත ලෙස මිය ගියා. බොහෝ රෙස්ලින් වෙබ් අඩවි අදටත් ඇය රෙස්ලින් පිටියේ අද්විතීයම කාන්තා රෙස්ලින් ශූරිය ලෙසයි හදුන්වන්නේ.

Chyna's side of tragic post-WWE fall will finally be told
Chyna

උමාගා (Umaga)

සැමෝවා – ඇමරිකා සම්බවයක් ඇති මේ රෙස්ලින් ශූරයා ඔබට අනිවාර්යයෙන් මතක් වෙන්න ඕණ.1973 වර්ෂයේදී එඩ්වඩ් ස්මිත් ෆාටූ නමින් උපත ලැබූ උමාගා 1995 වර්ෂයේ සිට රෙස්ලින් වලල්ලට සම්බන්ධ වෙලා සිටියා. උමාගා WWE පිටියට මුලින්ම ආවේ 2001 වසරේදී. 2001 සිට 2003 දක්වා WWE පිටියේ සිටි ඔහු ඉන් ඉවත් වෙලා Japanese Pro රෙස්ලින් සමග සම්බන්ද වුනා. ඔහු නැවත WWE පිටියට පැමිණියේ 2006 වර්ෂයේදී. ඔහු නැවත WWE රෙස්ලින් වලල්ලට එන්නේ විනාශකාරී ක්‍රීඩකයෙක් විදිහට. සියලුම ක්‍රීඩකයන්ට පහර දෙන මෘගයෙක්ගේ චරිතයක් තමයි ඔහු නිරූපණය කලේ. 2009 වසරේදී උමාගාත් අවසානාවන්ත ලෙස මියගියා. එතකොට ඔහුට වයස අවුරුදු 36ක් පමණයි. ඔහුගේ මරණයට හේතුව වූයේ වේදනා නාශක විෂ වීමෙන් ඇති වූ හෘදයාබාධයක් බවයි වාර්තා වන්නේ.

Umaga.jpg
Umaga

ලූක් හාපර් (Luke Harper)

1979 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක් වල ජොනතන් හබර් ලෙස උපත ලැබූ ලූක් හාපර් WWE රෙස්ලින් පිටියේ ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් දිනා ගත් අති දක්ෂ ක්‍රීඩකයෙක්. අඩි 6යි අගල් 5ක් උස මේ දැවැන්ත ක්‍රීඩකයා රෙස්ලින් ක්‍රීඩාවට අවතීර්ණ වුනේ 2003 වසරේදී. ඔහු WWE රෙස්ලින් සමග එක්වුනේ 2012 වසරේදී. ඔහු වඩාත් ජනප්‍රිය වුනේ Wyatt Family හරහා කණ්ඩායමක් ලෙස කරලියට පැමිණීමෙන් පසුවයි.
WWE Intercontinental ශූරතාවයත්, Smack down Tag Team ශූරතාවය දෙවතාවකුත් ඔහු ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වුනා. රෙස්ලින් පිටියේ සිටි කැපීපෙනෙන අති දක්ෂ ක්‍රීඩකයෙක් වූ හාපර් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ 2020 වසරේයි. IPF ලෙසින් හැදින්වෙන පෙනහලු ආශ්‍රිත හරිම දුර්ලභ රෝගයක් ඔහුට වැලදුනු බව වාර්තා වනවා. හාපර්ගේ සමු ගැනීම රෙස්ලින් පිටියට විශාල පාඩුවක් ඇති කලේ ඔහු වන් උස මහත, රෙස්ලින් ක්‍රීඩාවේ ජීව ගුණය රදවාගෙන ක්‍රීඩා කල හැකි ක්‍රීඩකයන් සිටින්නේ ඉතාමත් අත්ලොස්සක් නිසාවෙන්. අදටත් ඔහු ක්‍රීඩාකල අවස්තා රෙස්ලින් රසිකයන් Youtube නාලිකා හරහා නැවත නැවත් බලන බව වාර්තා වනවා.

Jonathan Huber AKA Luke Harper's 8-Year-Old Son Signed By AEW
Luke Harper

අල්ටිමේට් වොරියර් (Ultimate Worrior)

රෙස්ලින් ඉතිහාසයේ සිටි විශිෂ්ටතම රෙස්ලින් ශූරයෙක් ලෙසයි අල්ටිමේට් වොරියර් හැදින්වෙන්නේ. ඔබ බොහෝ දෙනෙක් මොහු ක්‍රීඩා කරනවා දැක නොමැති ඇති. නමුත් මොහුගේ නම අනිවාර්යයෙන් ඔබ අසා ඇති. මොකද අදටත් රෙස්ලින් වලල්ලේ ඔහුගේ නම බොහෝ අවස්තා වලදී නිවේදකයන් ප්‍රකාශ කරන නිසා. 1959 ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා වල උපත ලද මෙම රෙස්ලින් ශූරයාගේ සැබෑ නම ජේම්ස් බ්‍රයන්. ඔහු රෙස්ලින් පිටියට අවතීර්ණ වුණේ 1985 වර්ෂයේදී.
අයෝමය පුරුෂයෙක් ලෙස එක්සත් ජනපදය පුරා ප්‍රසිද්ධියක් ලබා සිටි බ්‍රයන් අල්ටිමේට් වොරියර් ලෙස WCW සමග 1986දී සම්බන්ධ වුනා. WCW හා WWF ශූරතා 5ක් ඇතුලුව තවත් සම්මාන රැසකින් පිදුම් ලැබුවා. අල්ටිමේට් වොරියර් සම්බන්ධ තවත් වැදගත් දෙයක් නම් ඔහුට මුල් කාලයේ ප්‍රේක්ෂකයන් වැඩි කැමැත්තක් නොදැක්වීමයි. ඔහු දුෂ්ටයෙක් ලෙස සැලකීම එයට හේතුවයි. 1998දී රෙස්ලින් වලල්ලට සමුදුන් ඔහු 2013 වසරේදී Hall of Fame තත්වයෙන්ද පිදුම් ලැබුවා. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන බ්‍රයන් හෙවත් අල්ටිමේට් වොරියර් ජීවිතයෙන් සමුගත්තේ 2014 වසරේදී. එවකට ඔහුගේ වයස අවුරුදු 54ක් පමණයි. හෘදයාබාධයකට ලක්වීම මරණයට හේතුව බව සදහන් වනවා. ඔහු ක්‍රීඩාකල තරග ඔබට නැරඹීමට අදටත් පුලුවන්. ඔහු ක්‍රීඩාවේ දක්වන ලද විශිෂ්ටත්වය ඒවයේ මනාවට සටහන් වෙලා තිබෙනවා. 2015 වසරේදී Wrestle Mania 31 වන තරගාවලියේදී ඔහුගේ විශිෂ්ටත්වය නිරූපණය කරමින් Bronze Statue එකක් එලිදැක්වීමට පවා WWE බලධාරීන් කටයුතු කලා.

Ultimate Warrior | WWE
Ultimate Worrior
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?