මහ කන්නයේ අස්වැන්න 50%කින් අඩු වේවී

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්න සියයට 15කින් පමණ අඩුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ වී ඇති අතර කාබනික වී වගාවක් නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පන්නල ප්‍රදේශයේ ගොවි බිමකට පැමිණ තිබුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ යායේ අපි ඇවිදලා බැලුවා. ඉතාම හොඳින් ගොවියෝ වගාකරලා තියෙනවා. අලුත් දෙයක් අපි දකිනවා. වී නිෂ්පාදනය 10%ක 15%ක වගේ අඩුවක් තියෙන්නේ. නමුත් වී වල බොල් ගතිය අඩුවෙලා බර වැඩිවෙලා තියෙනවා. මේක අමාරුවෙන් කැපවීමෙන් ළඟා කරගන්න ඕන ඉලක්කයක්. ඒකට ගොවියෝ උදව් කරලා තියෙනවා.”

කෙසේවෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්යවරු පවසන්නේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න සියයට 50කින් පමණ කඩාවැටෙන බවය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා,

“ලංකාවේ දැනට තිබෙන කෘෂිකර්මාන්තයේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. ක්ෂේත්‍ර පර්යේෂණවලදී මම අත්දැකපු කරුණක් තමයි අනුරාධපුර සහ මින්නේරිය ප්‍රදේශවල වී වගාබිම් රෝගී තත්ත්වයන්ට මුහුණදීලා දුර්වල වෙලා. නියම පෝෂක ප්‍රමාණය ලැබිලා නැති බව මගේ අත්දැකීම.”

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසා සිටියේ,

“වගාබිම්වල අස්වැන්නේ විශාල අඩුවීමක් ක්ෂේත්‍ර පුරාවට දකින්න ලැබෙනවා. දුරදිග නොබලා ගත් අවාසනාවන්ත තීරණයක ප්‍රතිඵල විදිහටයි මම මේක දකින්නේ.” ලෙසයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36