59 හැවිරිදි අයෙකු ඝාතනය ගැන ගැහැණු ළමයින් 8කට චෝදනා

කැනඩාවේ ටොරොන්ටෝ හි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගැහැණු ළමයින් අට දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව කැනේඩියානු පොලිසිය පවසනවා.

ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව වයස අවුරුදු 13 ත් 16 ත් අතර සැකකාර ගැහැණු ළමයින් මෙම පුද්ගලයාට පිහියෙන් ඇන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

හඳුනාගෙන නොමැති මෙම පුද්ගලයා ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ පදිංචිව සිට ඇත්තේ නිවාස නොමැති පුද්ගලයින් රැඳී සිටින නවාතැනකයි.

ටොරොන්ටෝ නගරාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු කියාසිටියේ මෙම නඩුව පිළිබඳව තමා දැඩි කලබලයට පත් වූ බවයි.

ඉරිදා මධ්‍යම රාත්‍රියේ පිහි ඇනුම් තුවාල සහිත පුද්ගලයා සොයා ගැනීමෙන් පසු අවට සිටි පිරිසක් හදිසි සේවා ගිලන් රථ මගින් ඔහු රෝහල් ගතකර තිබෙනවා. කෙසේවෙතත් පසුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැනේඩියානු නීතිය යටතේ අනන්‍යතාවය හෙළිකර නොමැති මෙම දැරියන් ප්‍රහාරය සිදුවූ ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අවි ආයුධ රැසක් ද සොයාගෙන තිබෙනවා.

ඔවුන් සමාජ මාධ්‍ය හරහා මුණගැසී ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මීට පෙර පොලිසිය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?