Empty Ad
AFC Banner
Empty Ad

52 හැවිරිදි ෆේස්බුක් පෙම්වතාට රැවටුණු 20 තරුණිය

52 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් විසින් 20 හැවිරිදි වියේ පසුවූ තරුණියක් මුහුණුපොත හරහා රවටා රැගෙනගොස් ඇති පුවතක් ඊයේ වාර්තා වී තිබෙනවා.ආදරවන්තයන්ගේ දිනය යෙදුනු පෙබරවාරි 14 එනම් ඊයේ මෙම පුවත වාර්තාවන්නේ අරණායක වසන්තගම ප්‍රදේශයෙන්.අදාළ 20 හැවිරිදි තරුණිය කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවටයි අනාවරණ වී ඇත්තේ.ඇයගේ පෙම්වතා ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති 52 හැවිරිදි දෙදරු පියා ෆෙස්බුක් ඔස්සේ තමන් 20 හැවිරිදි වියේ පසුවන බව හැඟවීමට ව්‍යාජ ඡායාරූපයක් යොදාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ බිරිඳ සහ දරු දෙදෙනා සාමසර කන්ද නායයාම හේතුවෙන් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.ඒ අනුව ඔවුන් මීට මාස 6කට පමණ පෙර මුහුණුපොත හරහා ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.පසුගිය 11 වනදා රාත්‍රියේ අග්බෝපුර බස් නැවතුම්පොළට එනලෙස තරුණියට දැනුමි දි ඇති 52 හැවිරිදි පෙමිවතා හිස් වැසුමක් හා මුව ආවරණයක් පැළඳ තරුණිය හමුවිමට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.එහිදී අදාළ තරුණිය එම පුද්ගලයා සමඟ නිවසින් පැනවිත් ඇති අතර පසුව පෙම්වතා මුඛ ආවරණය හා හිස් වැසුම ඉවත් කිරිමෙන් පසුවයි ඔහුගේ සැබෑ රුව දුටු තරුණිය තමා රැවටී ඇතිබව දැනගෙන ඇත්තේ.

එහිදී තරුණිය පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇත්තේ තමා මුහුණු පොතේ දැක ආදරය කළ පෙම්වතා නොව තම පියාටත් වඩා වැඩිමහල් අයෙකු තමා රවටා කැඳවා ගෙනවිත් අඹු කමට තබාගෙන තමාට කරදර හිරිහැර කරන බවයි.මේ පිළිබඳව දැනුම්දීමත් සමඟ ඊයේ 14 දිනයේ අදාළ නිවසට ගිය පොලිසිය පෙම්වතා අත්අඩංගුවට ගෙන තරුණියද පොලිසියට කැඳවාගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.ඒ අනුව පසුව මව්පියන් කැඳවා තරුණිය ඔවුන් වෙත භාරදීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.අරණායක පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>