සුපිරි අට වටයේ ශ්‍රී ලංකා – එංගලන්ත සටන අද – ඉතිහාසයේ වැඩි ගෞරව එංගලන්තයට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද පැවැත්වෙනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්ත කණ්ඩායමයි.

මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ එංගලනත්ය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 178ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13ක ජය එංගලන්තයට හිමිවෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 04ක් ජයගෙන තිබෙනවා.

එමෙන්ම කණ්ඩායම් දෙකම එකිනෙකාට එරෙහිව ලෝක කුසලාන තරඟ හයක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී එංගලන්තය තරඟ පහක් ජයග්‍රහණය කර ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි.

2012 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කර නොමැති අතර, දෙවරක් ලෝක ශුරයින් වූ එංගලන්තය වසර 14කට පසු ලෝක කුසලාන තරගාවලියක පරාජය කිරීමට අද ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිව තිබෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ තරග වටයේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට ඊයේ (20) සිදු වුණා.

නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වීම තිබූ මෙම තරගයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමත් සමඟ කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් ලබාදීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08