370 ව්‍යවස්ථාව අවලංගු කිරීමේ සිව්වන සංවත්සරය වන විට ජම්මු සහ කාශ්මීරය මාර්ග සංවර්ධනය අතින් ශීඝ්‍ර ප්‍රගතියක

370 ව්‍යවස්ථාව අවලංගු කිරීමේ සිව්වන සංවත්සරය ජම්මු සහ කාශ්මීරය අද සමරනු ලැබුවා.

ජම්මු සහ කාශ්මීර පරිපාලනය මහත් ආඩම්බරයෙන් පෙන්වා දෙන්නේ ගෙවුණු සිව්වසර තුළ මෙම ඒකාබද්ධ බලප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රය අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවයි.

පසුගිය වසර හතර තුළ ජම්මු සහ කාශ්මීරයේ මාර්ග, පාලම් ඉදිකිරීමේ කටයුතුවලද විප්ලවීය වෙනසක් සිදුව තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ ගම්මානවල ඉදිවෙමින් පවතින මාර්ග, පස් කැපීමෙන් පසු අතහැර දමා තිබූ හෝ මඩ සහ පාරුවක් අතුරා ගමන් කිරීමට තරම් තත්ත්ත්වයක තිබුණ ද මෙම වසර හතර තුළ එවැනි මාර්ග සම්මත කළු තාර හෝ කාපට් අතුරා සකස් කිරීමට කටයුතු කර තිබුණා.

අඩු වැඩි වශයෙන් ගත කල ජම්මු සහ කාශ්මීරයේ සියලුම දිස්ත්‍රික්කවල බොහෝ ගම්මානවල එවැනි මාර්ග ගණනාවක් දැකිය හැකියි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ සංවර්ධන පැකේජය යටතේ ජම්මු හා කාශ්මීරයේ මාර්ග, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපනය, සංචාරක, කෘෂිකර්මය, නිපුණතා සංවර්ධනය වැනි විවිධ අංශවල රුපියල් කෝටි 58,477ක් වටිනා ව්‍යාපෘති 53ක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මාර්ග ඉදිකිරීමේ වේගය දිනකට කිලෝමීටර් 6.54 සිට කිලෝමීටර් 20.6 දක්වා වැඩි වී ඇති බවයි ප්‍රාදේශීය වාර්තා පෙන්වා දෙන්නේ.

ජම්මු සහ කාශ්මීරයේ මුළු මාර්ග දිග මේ වන විට කිලෝමීටර 46,141 දක්වා ළඟා වී තිබෙනවා.

මාර්ග කාපට් වීමේ වේගය සහ මාර්ග දිග වැඩි වීමේ වේගය සැලකීමේදී පසුගිය වසර හතර තුළ ජම්මු සහ කාශ්මීරය කෙතරම් වේගයෙන් ප්‍රගතියක් ලබා තිබේද යන්න පෙන්නුම් කරන බව විචාරක මතයයි.

දත්ත වලට අනුව, ජම්මු සහ කාශ්මීරයේ මාර්ගවල දිග කිලෝමීටර් 46,141 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර කාපට් ඇතිරූ මාර්ගවල ප්‍රතිශතය 2019 දී සියයට 66 ට සාපේක්ෂව මේ වන විට සියයට 78 දක්වා ළඟා වී තිබෙනවා.

වළවල්වලින් තොර මාර්ග වැඩසටහන යටතේ 2021-22 වසර සඳහා කිලෝමීටර් 5,900 ක ඉලක්කයක් ලබා දී තිබූ අතර, මේ වන විට ඉන් කිලෝමීටර් 4,900 ක් අවසන් කර ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල මාර්ග පද්ධතිය පුළුල් වෙමින් පවතින අතර මාර්ග සහ පාලම් ඉදිකිරීම, වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද විවිධ යෝජනා ක්‍රම යටතේ බොහෝ ඉලක්ක සපුරා ගැනීමටද හැකි වී තිබෙනවා.

මීට අමතරව මධ්‍යම රජයේ මහජන දුක්ගැනවිලි නිරාකරණය සහ අධීක්ෂණ පද්ධතිය හරහා එම ප්‍රදේශයේ පැමිණිලි 32කට විසඳුම් ලබාදී ඇති අතර පුරවැසියන්ට තම දුක්ගැනවිලි පැය 24 පුරා ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත වේදිකාවක් ද සකස් කර තිබෙනවා.

2019 අගෝස්තු වන විට, ජම්මු සහ කාශ්මීරයේ යහපාලනය සැපයීමේ සංකල්පය නොතිබුණු අතර ජම්මු කාශ්මීරය ඒකාබද්ධ බලප්‍රදේශයක් බවට පත් කිරීමෙන් පසු තත්ත්වය වෙනස් වූ බවයි විචාරකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35