37 වසරකට පෙර සිදු වූ ඝාතනයකට මරණීය දණ්ඩනය නියම ව සිටි අයෙක් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග

මීට වසර 37 කට පෙර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සිදු වූ මිනී මැරුමක් සම්බන්ධයෙන් ජූරි නඩු විභාගයකින් මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයී නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

1985 වසරේ සැප්තැම්බර් මස 16 වනදා අක්කරේපත්තු ප්‍රදේශයේදී සෙයිදු ඉස්මයිල් රාසික් නැමැත්තෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කල්මුණේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

ජූරි සභාවක් හමුවේ පැවති එම නඩු විභාගය අවසානයේ දී කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා විසින් 2009 වසරේ ජුනි මස 10 වන දින විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචක විත්තිකරු විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම අභියාචනා පෙත්සම් විභාගය අවසානයේදී ආර්. ගුරුසිංහ විනිසුරු වරයාගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විත්තිකරුට එරෙහිව ජූරි සභාවක් හමුවේ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ දී වැදගත් නීතිමය කාරණා සහ සිද්ධාන්ත කෙරෙහි ජූරි සභාව දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අසමත් වී ඇතැයි සඳහන් කර සිටියා.

මහාධිකරණ නඩු විභාගයේ දී ඉදිරිපත් වූ වෛද්‍ය සාක්ෂි පිළිබඳව ජූරි සභාව දැනුවත් කිරීමට විනිසුරුවරයා අපොහොසත් වී ඇතැයි ද විනිසුරු කරුණාරත්න සිය තීන්දුව මඟින් සඳහන් කළා.

සියලු කරුණු සලකා බැලීමේ දී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැතැයි තීන්දු කළ අභියාචනාධිකරණය, විත්තිකරුගේ අභියාචනය පිළිගනිමින් ඔහු අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?