37 වසරකට පෙර සිදු වූ ඝාතනයකට මරණීය දණ්ඩනය නියම ව සිටි අයෙක් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග

මීට වසර 37 කට පෙර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සිදු වූ මිනී මැරුමක් සම්බන්ධයෙන් ජූරි නඩු විභාගයකින් මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයී නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

1985 වසරේ සැප්තැම්බර් මස 16 වනදා අක්කරේපත්තු ප්‍රදේශයේදී සෙයිදු ඉස්මයිල් රාසික් නැමැත්තෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කල්මුණේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

ජූරි සභාවක් හමුවේ පැවති එම නඩු විභාගය අවසානයේ දී කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා විසින් 2009 වසරේ ජුනි මස 10 වන දින විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචක විත්තිකරු විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම අභියාචනා පෙත්සම් විභාගය අවසානයේදී ආර්. ගුරුසිංහ විනිසුරු වරයාගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විත්තිකරුට එරෙහිව ජූරි සභාවක් හමුවේ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ දී වැදගත් නීතිමය කාරණා සහ සිද්ධාන්ත කෙරෙහි ජූරි සභාව දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අසමත් වී ඇතැයි සඳහන් කර සිටියා.

මහාධිකරණ නඩු විභාගයේ දී ඉදිරිපත් වූ වෛද්‍ය සාක්ෂි පිළිබඳව ජූරි සභාව දැනුවත් කිරීමට විනිසුරුවරයා අපොහොසත් වී ඇතැයි ද විනිසුරු කරුණාරත්න සිය තීන්දුව මඟින් සඳහන් කළා.

සියලු කරුණු සලකා බැලීමේ දී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැතැයි තීන්දු කළ අභියාචනාධිකරණය, විත්තිකරුගේ අභියාචනය පිළිගනිමින් ඔහු අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32