කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි

අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (11) නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැලෙන් කිරිපිටි පැකට් එකක් මිල දි ගැනිමටයි මෙසේ නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදිසිටියේ.

වෙලදපොලේ වෙනත් වර්ගවල කිරිපිටි මිල දි ගැනිමට නොමැති නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ පිහිටුවා ඇති හයිලන්ඩ් අලෙවිසැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිල දි ගැනිමට තමන් උදැසන සිටි පොලිම් වල රැදි සිටි බවයි කිරිපිටි මිල දි ගැනිමට පැමිණි නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව පැවසුවේ.

කිරිපිටි මිල දි ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් පාලනය කිරිමට පොලිස් නිලධාරින්ට සිදු විය.

අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවේ පිහිටි අලෙවි වෙලදසැල මේ දිනවල වසා දමා ඇත.

අඹේවෙල ප්‍රදේශවාසින් කියා සිටින්නේ එම කිරිපිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි තොග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සහ යෝගට් නිෂ්පාදනයට පාලන අධිකාරිය විසින් බෙදා හරින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?