කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි

අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (11) නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැලෙන් කිරිපිටි පැකට් එකක් මිල දි ගැනිමටයි මෙසේ නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදිසිටියේ.

වෙලදපොලේ වෙනත් වර්ගවල කිරිපිටි මිල දි ගැනිමට නොමැති නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ පිහිටුවා ඇති හයිලන්ඩ් අලෙවිසැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිල දි ගැනිමට තමන් උදැසන සිටි පොලිම් වල රැදි සිටි බවයි කිරිපිටි මිල දි ගැනිමට පැමිණි නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව පැවසුවේ.

කිරිපිටි මිල දි ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් පාලනය කිරිමට පොලිස් නිලධාරින්ට සිදු විය.

අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවේ පිහිටි අලෙවි වෙලදසැල මේ දිනවල වසා දමා ඇත.

අඹේවෙල ප්‍රදේශවාසින් කියා සිටින්නේ එම කිරිපිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි තොග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සහ යෝගට් නිෂ්පාදනයට පාලන අධිකාරිය විසින් බෙදා හරින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල වැඩි කිරීමට හේතු කියන PUCSL..ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21