28 හැවිරිදි මව අවුරුදු අටේ පුතාව ඝාතනය කරලා

වයස අවුරුදු 08ක සිය පුත්‍රයාව ගෙළ සිරකර ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

28 හැවිරිදි සැකකාර කාන්තාවක් මේ සම්බන්ධයෙන් ඊයේ (14) ගුරුග්‍රාම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව පිරිමියෙකු සමඟ ඇතිකරගෙන ඇති බව කියන අනියම් සබඳතාවයක් පිළිබඳව තම පුත්‍රයා දැනගත් නිසා ඔහුව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

දරුවාගේ පියාවන අරවින්ද් කුමාර් විසින් පොලිසියට පවසා ඇත්තේ අසල්වැසියෙකු විසින් තම පුතා අසනීප වී ඇති බව සිදුකළ දැනුම්දීමකට අනුව තමන් නිවසට පැමිණි බවයි.

එම අවස්ථාවේ දී තම පුතා නිවසේ සිහිසුන්ව වැටී සිටින අයුරු දුටු බවත්, ඒ අසල තම බිරිඳ සහ තවත් පිරිසක් රැස්ව සිටි බවත් ඔහු පවසා තිබෙනවා.

පසුව එහි සිටි පිරිස සමඟ එක්ව දරුවා රෝහලට රැගෙන ගිය බවත්, එහිදී වෛද්‍යවරු ඔහු මියගොස් ඇති බව තහවුරු කළ බවත් දරුවාගේ පියා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

පැමිණිලිකාර පියා කියා සිටියේ තම පුතාගේ ගෙලෙහි තුවාල සලකුණු දුටු බවත්, පුතාව ඝාතනය කළ බවට සැකයක් පවතින බවයි.

ඒ, අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලින් පසු දරුවාගේ මව සැකපිට ඊයේ (14) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, එහිදී තම පුතා ඝාතනය කළ බවට ඇය පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?