AFC Banner
AFC Banner
Empty Ad

ශිව දෙවියන් අබියස මියගිය ගණන 60 දක්වා ඉහළට

Update :- උතුරු ඉන්දියාවේ දිල්ලි නගරයට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් නගරයේ දේව මංගල්‍යයක දී සිදු වූ තෙරපීමකින් මියගිය ගණන මේ වනවිට (02) ඉහළ ගොස් ඇති බවට AP පුවත් සේවය වාර්තා කරනවා.

අද පස්වරු 05 පමණ වන විට මියගොස් සිටියේ පුද්ගලයින් 27 දෙනෙකු පමණක් වන අතර; මේ වනවිට එම සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විශාල සංඛ්‍යාවක් බරපතළ තුවාල ලබා ඇති බවට ද එරට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම සිදුවීමෙන් මේ වනවිට පුද්ගලයින් 150 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වෛද්‍ය නිලධාරි උමේෂ් ත්‍රිපති සඳහන් කර ඇත්තේ.

රජයේ නිලධාරි අශිෂ් කුමාර් AP වෙත පැවසුවේ සියලු මළ සිරුරු දිස්ත්‍රික්කයේ මෘත ශරීරාගාර වෙත යොමු කර ඇති බවයි.

භෝලේ බාබා නම් හින්දු නායකයෙකු සමග තාවකාලික ව ඉදි කළ කූඩාරමක මෙම උත්සවය පවත්වා ඇත්තේ ශිව දෙවියන් වෙනුවෙන් බවත් වාර්තා වනවා.

සහභාගී වන්නන් ඉන් පිටත්ව යාමත් සමග ඇති වූ තෙරපීමෙනුයි මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ.

මෙම ස්ථානයේ 5,000කට පමණ ඉඩ ප්‍රස්තාව තිබුණ ද; උත්සවයට 15,000කට අධික පිරිසක් රැස්ව සිටි බව හෙළි ව තිබෙනවා.

————————————————————————–

උතුරු ඉන්දියාවේ දිල්ලි නගරයට ගිනිකොණින් පිහිටි හත්‍රාස් නගරයේ දී පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි ශිව දෙවියන්ගේ ආගමික උත්සවයකට එක් වූ පිරිසක් තදබදයක් ඇතිවීම හේතුවෙන් මෙලෙස මරණයට පත් ව ඇති බවයි වාර්තා කර ඇත්තේ.

එමෙන්ම මෙම මරණයට පත් වූ ගණන අවම සංඛ්‍යාවක් විය හැකි බවත්; ඉදිරි හෝරාවල දී එම ගණන ඉහළ යා හැකි බවත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස ද අධික බවයි වාර්තා වන්නේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි රාම් මෝහන් තිවාරි පැවසුවේ “අපට මේ වන විට මළ සිරුරු 27ක් ලැබී ඇති බවයි..”

දිල්ලියේ සිට ගිනිකොන දෙසින් 87 සැතපුම් (140km) දුරින් මෙම හත්‍රාස් නගරයේ හින්දු දෙවි ශිව සැමරීමට සෙනඟ රැස්ව සිටියා.

ප්‍රධාන වෛද්‍ය නිලධාරී උමේෂ් කුමාර් ත්‍රිපාති ඉන්දීය වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ; මියගිය අය අතර කාන්තාවන් 25 ක් සහ පිරිමි දෙදෙනෙකු සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?