ශිව දෙවියන් අබියස මියගිය ගණන 60 දක්වා ඉහළට

Update :- උතුරු ඉන්දියාවේ දිල්ලි නගරයට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් නගරයේ දේව මංගල්‍යයක දී සිදු වූ තෙරපීමකින් මියගිය ගණන මේ වනවිට (02) ඉහළ ගොස් ඇති බවට AP පුවත් සේවය වාර්තා කරනවා.

අද පස්වරු 05 පමණ වන විට මියගොස් සිටියේ පුද්ගලයින් 27 දෙනෙකු පමණක් වන අතර; මේ වනවිට එම සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විශාල සංඛ්‍යාවක් බරපතළ තුවාල ලබා ඇති බවට ද එරට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම සිදුවීමෙන් මේ වනවිට පුද්ගලයින් 150 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වෛද්‍ය නිලධාරි උමේෂ් ත්‍රිපති සඳහන් කර ඇත්තේ.

රජයේ නිලධාරි අශිෂ් කුමාර් AP වෙත පැවසුවේ සියලු මළ සිරුරු දිස්ත්‍රික්කයේ මෘත ශරීරාගාර වෙත යොමු කර ඇති බවයි.

භෝලේ බාබා නම් හින්දු නායකයෙකු සමග තාවකාලික ව ඉදි කළ කූඩාරමක මෙම උත්සවය පවත්වා ඇත්තේ ශිව දෙවියන් වෙනුවෙන් බවත් වාර්තා වනවා.

සහභාගී වන්නන් ඉන් පිටත්ව යාමත් සමග ඇති වූ තෙරපීමෙනුයි මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ.

මෙම ස්ථානයේ 5,000කට පමණ ඉඩ ප්‍රස්තාව තිබුණ ද; උත්සවයට 15,000කට අධික පිරිසක් රැස්ව සිටි බව හෙළි ව තිබෙනවා.

————————————————————————–

උතුරු ඉන්දියාවේ දිල්ලි නගරයට ගිනිකොණින් පිහිටි හත්‍රාස් නගරයේ දී පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි ශිව දෙවියන්ගේ ආගමික උත්සවයකට එක් වූ පිරිසක් තදබදයක් ඇතිවීම හේතුවෙන් මෙලෙස මරණයට පත් ව ඇති බවයි වාර්තා කර ඇත්තේ.

එමෙන්ම මෙම මරණයට පත් වූ ගණන අවම සංඛ්‍යාවක් විය හැකි බවත්; ඉදිරි හෝරාවල දී එම ගණන ඉහළ යා හැකි බවත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස ද අධික බවයි වාර්තා වන්නේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි රාම් මෝහන් තිවාරි පැවසුවේ “අපට මේ වන විට මළ සිරුරු 27ක් ලැබී ඇති බවයි..”

දිල්ලියේ සිට ගිනිකොන දෙසින් 87 සැතපුම් (140km) දුරින් මෙම හත්‍රාස් නගරයේ හින්දු දෙවි ශිව සැමරීමට සෙනඟ රැස්ව සිටියා.

ප්‍රධාන වෛද්‍ය නිලධාරී උමේෂ් කුමාර් ත්‍රිපාති ඉන්දීය වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ; මියගිය අය අතර කාන්තාවන් 25 ක් සහ පිරිමි දෙදෙනෙකු සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56