25,000 ආපදා අත්තිකාරම් දීමනාව 50%කට වැඩි ප්‍රමාණයකට ලබා දී අවසන් – කැබිනට් ප්‍රකාශක

දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ දී ලබාදෙන රුපියල් 25,000 අත්තිකාරම් දීමනාව මේ වනවිට 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (16) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අනෙකුත් වන්දි ලබාදීම සඳහා නිලධාරීන් මේ වන විට තක්සේරු කටයුතු සිදුකරමින් පවතින බවයි.

ආපදාවට පත් පිරිස අතුරින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ 73.4%ක්, රත්නපුර දිස්ත්‍රික්කය තුළ 68.39%ක්, මාතලේ දිස්ත්‍රික්කය තුළ 65.28%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ 70.05%ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ 61.42%ක් ලෙස වන්දි ලබාදීම මේ වනවිට සිදුකර අවසන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ වන්දි ලබාදීම කඩිනම් කිරීම සඳහා නිලධාරීන් මේ වන විට මැදිහත් වීම් සිදුකරන බවත්, මේ සම්බන්ධව ගැටලු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්ද කැදවා ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?