25,000 ආපදා අත්තිකාරම් දීමනාව 50%කට වැඩි ප්‍රමාණයකට ලබා දී අවසන් – කැබිනට් ප්‍රකාශක

දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ දී ලබාදෙන රුපියල් 25,000 අත්තිකාරම් දීමනාව මේ වනවිට 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (16) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අනෙකුත් වන්දි ලබාදීම සඳහා නිලධාරීන් මේ වන විට තක්සේරු කටයුතු සිදුකරමින් පවතින බවයි.

ආපදාවට පත් පිරිස අතුරින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ 73.4%ක්, රත්නපුර දිස්ත්‍රික්කය තුළ 68.39%ක්, මාතලේ දිස්ත්‍රික්කය තුළ 65.28%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ 70.05%ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ 61.42%ක් ලෙස වන්දි ලබාදීම මේ වනවිට සිදුකර අවසන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ වන්දි ලබාදීම කඩිනම් කිරීම සඳහා නිලධාරීන් මේ වන විට මැදිහත් වීම් සිදුකරන බවත්, මේ සම්බන්ධව ගැටලු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්ද කැදවා ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41