spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

23 හැවිරිදි හෙදියක් කෙලෙසා මරා දැමූ සහකාර උප පොලිස් පරීක්ෂකවරයා

ඉන්දියාවේ සොහානා ප්‍රදේශයේ පොකුණක් අසළ බැංකුවක තිබී හෙදියකගේ මළ සිරුරක් සොයා ගැනීමය එරට ආරක්ෂක අංශ වෙත පසුගිය දා හැකියාව ලැබී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ ට්‍රයිසිටි ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සේවය කළ 23 හැවිරිදි හෙදියකගේ මළ සිරුරක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කර ඇති බවයි.

මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මීට සේවයෙන් පහකර සිටි සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි වාර්තා වන්නේ.

35 හැවිරිදි රෂ්ප්‍රීට් සිං නැමැති මෙම සැකකරු ආරක්ෂිත කැමරා දර්ශන ආධාරයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ගෙල සිරකර මරා දැමීමට පෙර සැකකරු විසින් ඔහුගේ නිවසේ දී අදාළ හෙදිය දූෂණය කර ඇති අතර ඝාතනය සිදුකිරීමෙන් පසු සිරුර ප්‍රදේශයේ පොකුණක් අසළට ගෙනවිත් දමා ඇති අතර, ඔහු තම නිවසේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ද මකා දැමීමට ද කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ස්ත්‍රී දූෂණ හා මිනීමැරීමට අමතරව, විත්තිකරුට ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 201 වගන්තිය (වරදක් පිළිබඳ සාක්ෂි අතුරුදහන් වීම) යටතේ ද නඩු පැවරීමට කටයුතු කරන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

සැකකරු විවාහක දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර, ඔහු සහ ඝාතනයට ලක්වූ හෙදිය අතර වසර දෙකක පමණ කාලයක සිට සම්බන්ධ කමක් පවත්වා ඇති බවට හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?