AFC Banner
Empty Ad

22 හැවිරිදි තරුණයෙක් කුලී කාමරයක් තුළ විදුලි සැර වැදී ජීවිතක්ෂයට

කොට්ටාව, රුක්මල්ගම – පාසල් මාවතේ කාමරයක කුලී පදනම මත රැඳී සිටි තරුණයෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයාට ඊයේ (17) රාත්‍රියේ විදුලි සැර වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මීට මාස තුනකට පෙර විවාහ වී ඇති මෙම තරුණයා සිය බිරිඳ සමඟ දින තුනකට පෙර රුක්මල්ගම – පාසල් මාවතේ නිවසක කාමරයක් කුලී පදනම මත රැගෙන එහි රැඳී සිට තිබෙනවා.

මෙම තරුණයා අක්‍රීයව තිබූ නිවසේ විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට ඊයේ රාත්‍රියේ කටයුතු කර ඇති අවස්ථාවේ දී මෙලෙස විදුලි සැර වැදී ඇති ඇති බව සඳහන්.

පසුව අවට ප්‍රදේශවසින් ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

අක්‍රීය වූ ටිප් ස්වීචයක් සහිත විදුලි සැපයුමකින් අනාරක්ෂිත ලෙස විදුලිය ගැනීම නිසා මෙසේ විදුලි සැර වැදී ඇති බවයි ස්ථානීය පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේ දී අද (18) සිදුකිරීමට නියමිතයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ කවිෂ්ක විජයතුංග නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
26
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?