22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වුණා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්.පසිදු සිල්වා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම අද ඉදිරිපත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මෙම පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම පෙත්සම තුළින් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ පෙත්සමේ වග උත්තර කරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයායි.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54