22 ගැන පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කතානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව අද (03) නියෝග කළා.

අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනු කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සම් වලට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (03) දින පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශව කරුවන්ට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48